නූතන ලෝකයේ කෞතුකාගාර.
| එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් කෞතුකාගාර |
ලෝකයේ දහස් ගණනින් වූ කෞතුකාගාර නරඹන පිරිස් කෝටි ගණනකි.ලෝකයේ ඇති කෞතුකාගාර අතුරින් තුනෙන් එකක් පමණ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ සතියකට අලුත් කෞතුකාගාර 5 බැගින් බිහිවූ කාලයක් විය. මුළු ජනග්‍රහනයෙන් කෝටි 15 ක් වූ ඕස‍්ට්‍ර්ලියාවේ දෙදහසක් පමණ වූ කෞතුකාගාර ඇති අතර අවුරැදු පතා දොළොස් කෝටියක් දෙනා ඒවා නරඹති.විශාලත්වයෙන් කෞතුකාගාර විවිධ වේ. සෝවියට් දේශයේ හර්මිටේජ් හා එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් ආයතනය වැනි දහස් ගණන් කාර්යමණ්ඩල සහිත විශාල ජාතික කෞතුකාගාරවල සිට එක් ස්වෙච්චා නිළධාරියෙකුට සීමා වූ කුඩා ප්‍රදේශීය කෞතුකාගාර දක්වා ඒවායේ ප්‍රමාණය වෙනස් වේ. ඒසේම කෞතුකාගාර වර්ග ද විවිධ ය. විද්‍යා, ඉතිහාස, මානව විද්‍යා, වෛද්‍ය, ප්‍රවාහන ආදි වශයෙන් මෙන්ම ප්‍රදේශවලට සීමා වූ ඒවාද වේ.
![]() |
| සෝවියට් දේශයේ හර්මිටේජ් කෞතුකාගාරය. |
රටක ආර්ථිකයට, විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නිසා කෞතුකාගාරවලින් සිදුවන සේවය අති විශාලය. කෞතුකාගාර නැරඹීමට එන විදේශිකයන් විසින් කෝටි ගණන් විදේශ මුදල් රට රටවලට ගෙන දෙනු ලැබේ.
කෞතුකාගාර ආරම්භය මධ්‍යකාලීන යුරෝපයේ පුද්ගලික එකතුවන් ආශ්‍රයෙන් ඇතිවිය. පුනරැදයත් සමග 15වැනි සියවසේ යුරෝපයේ විද්වතුන් කතුහලය දනවන විවිධ දෑ රැස්කිරීමට ආයාස ගත් අතර ඒවා තුළින් 19 වන සියවසේ දී අද ප්‍රචලිත කෞතුකාගාර සංකල්පයෙන් මහජන කෞතුකාගාර එක්සත් ජනපදය සහ බටහිර යුරෝපයේ ආරම්භ වන්නට විය. එංගලන්තය, ප්‍රංශය සහ ශ්‍රී ලංකාවේ පැරණිතම කෞතුකාගාර මේ අතර වෙයි. තාක්ෂණික විජයග්‍රහණයෙන් මෙන් ම ස්භාවික විශ්මයෙන් හා විදේස් රටවල විවිධ සංස්කෘතීන් තුළින් ඇති වූ උද්දාමය නිසා අරඹන ලද මහා පරිමාණයේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයන් ද ලෝකයේ විවිධ කෞතුකාගාර කිහිපයක් ම ආරම්භයට හේතු විය. මේ ආකාරයෙන් 20 වන සියවසේ මුල් භාගය වන විට කෞතුකාගාර සංකල්පය සහ ක්‍රියාවලීය මනාව තහවුරැ වූ අතර සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් ද ඇති විය.
![]() |
| ෙකාළඹ ජාතික කෞතුකාගාරය, |
නූතන ලෝකයේ කෞතුකාගාරවලට හිමි තැන කුමක්ද? කෞතුකාගාරයක කාර්යන් වශයෙන් අද සැලකෙන්නේ මේවාය.
- සමාජයේ දෘශ්‍යමාන උරැමයන් රැක ගැනීම.
- පර්යේෂණ මගින් එම උරැමයන් පිළිබද දැණුම වැඩීම.
- විශේෂ ප්‍රදර්ශන මගින් අධ්‍යාපනය සහ අවබෝධය ලබා දීම.
- නරඹන්නන්ට විනෝදාස්වාදය ලබා දීම.
මෙම කාර්යන් ඉටු කිරීමේ දී අනේක විධ ප්‍රශ්නවලට මුහුණ දීමට කෞතුකාගාරවලට සිදු වී ඇත. එතෙකුදු වුවත් ජාතික උරැමන් ආරක්ෂා කිරීමෙහි ලා කෞතුකාගාරවලින් සිදු වී ඇති සේවය අති විශාල වෙයි.
කෞතුකාගාරවලට අද මුහුණපාන්නට වී තිබෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි. විශේෂයෙන් 20 වන සියවසේ මුල් භාගයේ දී විශාල ලෙස භාණ්ඩ එක්රැස් කිරීම හේතුවෙන් ඉඩකඩ, කාර්ය මණ්ඩලය හා මුදල් සම්පත් පිළිබදව ප්‍රශ්න උද්ගත විය. භාණ්ඩ රැස් කිරීම සමග ම ඒවා සංරක්ෂණය කිරීමේ වගකීම ද උරැම විය. විශේෂයෙන් සංස්කෘතික සහ ඓතිහාසික කේෂත්‍රයන්හි භාණ්ඩ පිළිබද විස්තර වාර්තා කිරීම කිසිසේති ප්‍රමාණවත් නොවීය. මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට දැන් දැන් පරිගණක කරණය හා මයික්‍රො ජයාරෑප ගත කිරීම උපයෝගී කර ගැනීමින් ඇත. උද්ගතවී ඇති තවත් බරපතල ප්‍රශ්නයක් නම් සංස්කෘතික හා ඓතිහාසික කේෂත්‍රවල භාණ්ඩ අතිරික්තයන් සහ ඌණතාවයන්ය. සමහර භාණ්ඩ විශාල සංඛ්‍යා වශයෙන් ඇතත් සමහර ඒවා ඇත්තේ ම නැත. විශේෂයෙන් පැරණියන්ගේ ජීවන රටාව නිරෑපණය කිරීමේ දී අත්‍යවශ්‍ය දෑ නොතිබීම බරපතළ ප්‍රශ්නයකි. මේ නිසා අප විසින් 21 වන සියවසේ අවශ්‍යතා සළකා වර්තමාන යුගවලට අයත් සියලූම භාණ්ඩ රැස් කොට තැබීම වැදගත් වන බව අනාවරණය කළ යුතුය. මෙම ප්‍රශ්නයට මුහුණ දීමට විවිධ රටවල් උත්සාහ ගෙන ඇති අතර ස්වීඩනයේ සැම්ඩෝක් ව්‍යාපෘතිය ඉතා සාර්ථක විසදුම් ලබා ඇත. සැම්ඩෝක් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ද වැදගත් වනු ඇත.
කෞතුකාගාරවල ප්‍රධානතම මෙහෙය වූ භාණ්ඩ රැස්කිරීම සහ ප්‍රදර්ශනය කිරීමට අමතරව පර්යේෂණ කටයුතු ද වැදගත් ය. අවුරැදු 50 කට පමණ පෙර පර්යේෂණවලට මුල් තැනක් ලැබුණ මුත් ප්‍රධාන පෙළේ ජාත්‍යාන්තර කෞතුකාගාරවල හැරෙන්නට අනෙක් ඒවායේ ක්‍රමයෙන් එය නොවැදගත් තැනකට පත් වී ඇත. 1910 පමණ වන තුරැ මානව විද්‍යා පර්යේෂණ කෞතුකාගාර මුල් කොට ගෙන සිදු විය. 1920 පමණ වන විට මානව විද්‍යාව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමත් සමග විශ්වවිද්‍යාල හා කෞතුකාගාර අතර සම්බන්ධය හීන වී පර්යේෂණ ද අඩපන විය. පර්යේෂණ පැවැත්වීම කෞතුකාගාරවල මූලික කාර්යක් බව ද කෞතුකාගාරයෙන් සහ අනෙකුත් කාර්යන් ද විශේෂයෙන් මහජනතාවට දැණුම ලබා දීම, සංවාද පැවැත්වීම හා විනෝදාස්වාදය ලබා දීම සදහා පර්යේෂණ අත්‍යවශ්‍ය වන බවද අමතක කළ යුතු නොවේ.
මෑත කාලය තුළ කෞතුකාගාර විශාලත ම දියුණුවක් ලබා ඇත්තේ මහජන අධ්‍යාපනය සහ විනෝද සේවා සැපයීමේ දීය. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව කෞතුකාගාර මහජනයාගෙන් යැපෙන්නට පටන් ගැනීම නිසා මහජන සේවා සළසීම මුල් තැනක් ගෙන ඇත. ප්‍රදර්ශන සැළසුම් කිරීමේ දී ඔනෑනම් බලන්න. එපා නම් යන්න..... යන ප්‍රතිපත්තිය අත්හැර මහජනයාගේ දෘෂ්ඨි කෝණයට ප්‍රධාන තැන දී ඇත. හැකිතාක් දුරට ප්‍රදර්ශන මැදිරිවල ස්භාවික පරිසරය මැවීමට උත්සාහ දැරීමෙන් නරඹන්නන් ඇදබැද තබා ගැනීමට කටයුතු කරනු ලැබේ. මෙය ඉතා වියදම්කාරී මෙන්ම දැඩි වෘත්තීමය නිපුණත්වයක් ද අවශ්‍ය වූවකි. කෞතුකාගාර උපදේශක සේවය වෙනම ම වෘත්තියක් ලෙස දියුණු වී ඇත්තේ එබැවිණි.
ප්‍රදර්ශන අංශයෙන් උදාවී ඇති නව නැම්මක් වනුයේ එළිමහන් කෞතුකාගාර සහ ඓතිහාසික උද්‍යානයන්ය. ස්කැඩිනේවියානු කෞතුකාගාර මේ අංශයේ විශිෂ්ඨ උදාහරණ වෙයි. තවත් බෝහෝ රටවල් එය අත්හදා බලමින් ඇති අතර ශ්‍රී ලංකාවේ ඕලන්ද යුග කෞතුකාගාරය ද වැදගත් සාධකයකි. මෙම නව නැම්මේ අහිතකර තත්ත්වයක් ද වෙයි. අනෙක් පරමාර්ථ අභිභවා විනෝදය සැපයීම මුල්තැන ගැනීමය. මෙම දුර්වලතාවය මග හැරීමට දෙයාකාර වැඩ පිළිවලක් කෞතුකාගාර විසින් දියත් කර ඇත.
- අබාධිත පුද්ගලයන් වැනි විශේෂ කොටස් සදහා වූ විශේෂ ප්‍රදර්ශන සැළසුම් කිරීම.
- පාසැල් ළමුන් හා නිවාඩුගත කරන්නන් සදහා විශේෂ ප්‍රදර්ශන සැළසුම් කිරීම.
මෙවැනි ප්‍රදර්ශන හැම ප්‍රධාන කෞතුකාගාරයක ම වැදගත් තැනක් ගන්නා අතර ඒ ඒ රටවල අධ්‍යාපන පටිපාටියට අනුකූල හා අමතර දේ වශයෙන් සැරසෙන හෙයින් රජයේ ද ගුරැවරැන්ගේ ද ස්වෙච්චා සේවකයන්ගේ ද නොමද සහය ලැබෙයි. පාසැල් සිසන්ට පන්ති කාමරයේ ලැබෙනවාට වඩා අශ්වාදජනක ලෙස දැණුම ලබා ගැනීමට මෙම වැඩපිළිවෙළ හේතුවීමෙන් ඉතා ජනප්‍රිය වී ඇත.
නූතන ලෝකයේ කෞතුකාගාර මේ අන්දමට අලුත් වගකීම් රාශියක් ඉටු කිරීමට යොමු වීමත් සමගම ප්‍රශ්න රාශියක් ද උද්ගතව ඇත. කෞතුකාගාර සේවය මත වෘත්තීයක් ලෙස දියුණුවී ඇති නිසා කාර්ය මණ්ඩලයේ දක්ෂතාවන් හා සුදුසුකම් ඉන් මුල් තැන ගනී. විශේෂයෙන් ප්‍රදර්ශන සැළසුම් හා භාණ්ඩ සංරක්ෂණ විශේෂ කුසලතා බලාපොරොත්තු වෙයි. එබැවින් කෞතුකාගාර කාර්ය මණ්ඩල පුහුණු කිරීම සදහා විශේෂ කෞතුකාගාර විද්‍යා පාඨමාලා විශ්වවිද්‍යාලවල ආරම්භ කොට ඇත. කෞතුකාගාර තවදුරටත් මහජනතාව තමන් වෙත එනතුරැ බලා නොසිට මහජනතාව වෙත යාමට පටන් ගෙන ඇත. විශේෂ ප්‍රදර්ශන ජංගම ප්‍රදර්ශන ආදිය මගින් දුෂ්කර දුර බැහැර ප්‍රදේශවල ජනතාව වෙත කෞතුකාගාර සේවය ගෙන යාමට බොහෝ රටවල් හැඩගැසී ඇත. මෙවැනි ප්‍රදර්ශනවල තේමාවන් ද ඍජුව හා ක්ෂණිකව ජනතාවට අදාල ප්‍රශ්න හා සම්බනක්ධ කොට ඇත. පරිසරය රැකීම, මහජන සෞඛ්‍යය, පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර වැනි තේමාවන් මගින් කෞතුකාගාර වැදගත් සමාජ වගකීම් රාශියක් ඉටුකරනු දක්නට ලැබේ. ජාතික උරැමය ආරක්ෂා කිරීම හා ප්‍රදර්ශනය කිරීම පමණක් නොව මේ සමග වගකිම ඉටුකිරීම හේතුවෙන් අද කෞතුකාගාර පිළිබද නව ආකල්පයක් ජනතාව වෙත ලබා දී ඇති බව පෙනේ. නූතන ලෝකයේ කෞතුකාගාරවල වැදගත් ලක්ෂණය මෙයයි.
බැරී රෙනෝල්ඩ්ස්..............

